2018 අගෝස්තු 18 වන සෙනසුරාදා

කොඩිය දාන්න හදන කොඩි

 2018 අගෝස්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 523

බස්නාහිර පළා බබාලා ටිකක් පහුගිය දවසක ගියාලු රටේ මහතැන හම්බුවෙන්න. ගිහින් කට්ටිය කිව්වලු බස්නාහිර මහ ඇමති තැන අයින් කරන්න කියලා. මේ පුටුවට කෙළ හලන ලක්ෂයට, කොඩි දාපු පවුලක පළා බබා කිව්වලු සර් එයාව අයින් කරනවා නම් මමයි මගේ නෝනයි හෙට ඉඳන් සර් ළඟ කියලා. මහ තැනටත් ඔය වගේ කතා අහලා ඇතිවෙලා නිසා කොඩි බබාට මහ තැන නියම අභියෝගයක් දුන්නලු.

එයාව අයින් කරන්නම් ඔයා සැප්තැම්බරේ තියන පක්ෂ සමුළුවට නගින්න කිව්වලු. කොඩි පළා බබා ඔළුව වනලා ආවලු. මේ කතාව හතර අතේ වෙබ් පිටුවල ගහද්දි එක එක අය කොඩි බබාට කතා කරලා ඇහුවලු ඇත්තද කතාව කියලා. එයා නෙමෙයිලු හ්ම් කියන්නේ. දැන් කට්ටිය ඇහැදාගෙනලු ඉන්නේ මහ ඇමැති පුටුවේ කොඩිය එයා අතට ගනීද කියල.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00