2018 අගෝස්තු 11 වන සෙනසුරාදා

මහ පුටු සටනට... තවත් සගයෙක්

 2018 අගෝස්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 496

අපි අහල තිබෙන පරණ කතාවක තිබුණෙ පළමුව බාටා දෙවනුව පාසල කියලයි... ඒත් මෑතකදි ප්‍රචාරය වුණු ඊට සමාන තවත් කතාවකින් කියැවුණේ පළමුව සුවපති - දෙවනුව ජනපති කියලයි...

ඉන් මේ කතාව ප්‍රචාරය කරපු සුවපති ඇමැති තැනගෙ ගෝලයො මේක ඉස්සරහට තල්ලු කරන්නෙ සුවපති ඉදිරි ජනපති සටනට ගේන්නය කියල තිරය පිටුපස කතාවක් යන්න පටන් අරන්... වත්මන් ජනපතිත් සුවපති වී සිට ජනපති වුණ නිසා ලෝක සම්මාන ලබාපු මේ සුවපතිටත් බැරි ඇයි කියලයි උන්නැහේගෙ හිතවත්තු අහන්නෙ...

මේ කතාව දවසෙන් දවස සීරියස් කතාවක් වේගෙන යනකොට රටේ මහ පුටු සටනට එන්න යන අලි පෙරමුණට සම්බන්ධ තවත් කිහිපදෙනෙක්ගෙ හිත් අමාරුවෙලා එයාල තැන් තැන්වල සුවපතිගෙ වැඩ ගැන කතා කරන්න පටන් අරන්ලු... සමහරු කොච්චර වැඩේ දුරදිගට ගෙනිහිල්ලද කියනව නම් ඒකාබද්දෙ ලොකු ලොක්කන්ටත් සුවපතිගෙ ගතු කියන්න පටන් අරන් කියල ආරංචි... ඒ අනුව ළඟදිම ලොකු වැඩක් පත්තුවෙන්නලු යන්නෙ...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00