2017 ජනවාරි 28 වන සෙනසුරාදා

ට්‍රයි එක කොළඹින් වාසනාව කෑගල්ලටලු

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 780

දැන් හැම තැනම ඇමැති වෙනසක් ගැන කතා වෙනවා. විපක්ෂය විතරක් නෙවෙයි ආණ්ඩු පක්ෂයෙ සෑහෙන පිරිසකුත් එක්තරා ඇමැති කෙනෙක් දොට්ට දාන්නනැයි ප්‍රබල ඉල්ලීමක් කරලලු. 

මේ පට්ටමට ආණ්ඩුවෙ ලොකුම තනතුරක් නිසා ඒකට හොඳ උගත් බුද්ධිමත් වංචා දූෂණවලට නම නොගෑවුණු කෙනෙක් දාන්න කියන කතාවත් පැතිරිලා ගියා. ඒ අස්සෙ රජයේ ඉන්න දෙන්නෙක් මේකට සූට් මහන්න පටන් අරන්ලු. මේ දෙන්නට කොළඹ දිසාව නියෝජනය කරන අය කියලයි ආරංචි. එක් කෙනෙක් තරුණ බුද්ධිමතෙක්ලු. අනෙකා තලතුනා බුද්ධිමතෙක්ලු. මේ දෙන්නම තැන තැන කියන්නෙ ඔය ඇමැති පට්ටමට ලැබෙන්නෙ මටයි කියලලු. 

ඒත් ආණ්ඩුවෙ ඉහළින් කියැවෙන්නෙ ඔය බරපතළ ඇමැතිකම දෙන්න ඕන කෑගල්ල පැත්තෙන් ආපු අලිපාටියෙ ජ්‍යෙෂ්ඨ කෙනෙකුට කියලලු.

කොහොමහරි ඉදිරි සතිය දෙක තුළ අනිවාර්යයෙන්ම සිද්ධ වෙන්න යන ඇමැති සං‍ශෝධනේදී වෙන දේ බලාගන්න පුළුවන්ලු.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00