2017 ජනවාරි 28 වන සෙනසුරාදා

යුතුකම් ඉටුකිරීම

 2017 ජනවාරි 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 258

බැඳුම්කරේට සම්බන්ධය කියල නොයෙක් තැන්වල නම කියැවුණ මහ බැංකුවෙ එක්තරා ලොක්කෙක් විශ්‍රාම සුවය විඳින්න කිට්ටුයිලු... මෙයා ඔය බැංකුවෙ දෙවැනි මට්ටමේ මහ පට්ටමක් දරන පොරක්...

ඉතින් පසුගිය කාලෙ බැඳුම්කර වැඩේදි කරපු උදව් පදව් නිසා මුන්නැහේට දැන්ම ගෙදර යන්න දෙන්න හොඳ නැහැ කියල දේසපාලන බලවත්තු තීන්දු කරලලු... ඒ නිසා කවදාවත් නොදුන්න විදියට මුන්නැහේට සේවා දිගුවක් ලැබෙන්න යනවය කියල එක කතාවයි. සමහර විට මහ බැංකුවෙන් කඩල අමාත්‍යංශයට ගන්න යන බැඳුම්කර කාර්යංසෙ (ණය අංසෙ) ලොකු පුටුවම උන්නැහේට ලැබෙන්නත් පුළුවන් කියල කියැවෙනව...

මේ ආරංචිය බැඳුම්කර විවාදය දවසේ කවුන්සිලේ ලොබියෙ ලොකු පුවතක් බවට පත්වුණාලු. මේ ගැන විපක්ෂයෙ කොළඹ පැත්තෙ මන්තිරි කෙනෙක් ආණ්ඩුවෙ තරමක බලයක් තියන ඇමති කෙනෙක්ගෙන් ඇහුවම උන්නැහේ විහිළුවෙන් වගේ කිව්වලු...

අපි යුතුකම් ඉටුකරන්නත් එපායැ... ඒ වාගේම... මෙයත් දක්ෂයෙන් කියලා.. 

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00