2018 ජුලි 07 වන සෙනසුරාදා

ගමටත් එන වැට්!

 2018 ජුලි 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 459

මරණාධාර සමිති වගේ ගමේ තියන පුංචි පුංචි සංවිධානවලින් වැට් බදු ගන්න යනවය කියලා ආරංචියක් පසුපෙළ මන්තිරිගොල්ල තරමක් කුලප්පු වෙලාලු.

පසුගියදා පක්ෂයේ මන්තිරි කස්ටියගේ හමුවක දී මේ කතන්දරේ පත්තු කළා කියලා පසුපෙළ පැත්තෙන් ආරංචියි...

මරණාධාර - සුභ සාධක වගේ ගමේ මිනිස්සු පිහිටුවාගන්න පුංචි පුංචි සංගම්වලින් බදු ගන්න ගියොත් තමන්ලට ගමේ දේශපාලනයේ කොරගන්න බැරිවෙන බව පක්ෂයේ ඉහළ තැන්වලට පැමිණිලි කරලා.

ඊට පස්සේ අලි පාටියේ ඉහළ මණ්ඩලේ මහත්තුරු මේ ගැන පාටියේ පසුපෙළට උත්තර දෙන්න ආණ්ඩුවේ සල්ලි ඇමැති තැන පසුපෙළ ඉස්රහට කැඳවනවා කියලා පොරොන්දුවක් දුන්නලු.

කවුරු කොහොම කරුණු කිව්වත් මරණාධාර සංගම් වගේ ඒවායින්... වැට් කට් විය යුතුයි කියලා ඒ වෙලාවේ පසුපෙළ ලොකු සද්දයක් දැම්මලු.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00