2018 ජුනි 30 වන සෙනසුරාදා

දඩ වැදුණු බලවතා

 2018 ජුනි 30 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 579

බිස්නස්වලටත් බර උතුරු සන්ධානෙ මන්තිරිතුමෙක් ඉන්නව. උන්නැහේ එහේ ලොකු දේශපාලන භවනක් හදාගෙන ඉන්න පොරක් කිව්වොත් හරි...

මුන්නැහේ කරගෙන යන එක්තරා ව්‍යාපාරයක සේවය කරන කස්ටියට නීතියේ හැටියට කළයුතු ගෙවීම් වගයක් කළේ නැහැ කියල පසුගියදාක කම්කරු අංසේ කස්ටිය එයාගෙ වැඩපොළට පැනල පොත්පත් පරීක්ෂා කරන්න ඉල්ලුවලු. ඊට පස්සෙ ගණන් හිලව් චෙක් කරල බලනකොට සේවක ගෙවීම් ප්‍රශ්නය මාට්ටු වෙලා කියල ආරංචියි.

උන්නැහේ දියවන්නා කවුන්සිල් පොරක් නිසා එයාට මුකුත් වෙන එකක් නැහැ කියලයි සමහරු හිතුවෙ... ඒත් රාජකාරියට ආපු නිලධාරි බොහෝම කෙළින් වැඩකරන නීතිය ගරුකරන අයලු. අන්තිමේ කරපු වරදෙ හැටියට රුපියල් මිලියන හත අටක දඩයක් ගෙඩිපිටින්ම ගෙවන්න නියමකළ නිලධාරි මහත්තුරු යන්න ගියේ බොහෝම සැර අවවාදෙකුත් කරල කියලයි ආරංචි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00