2018 ජුනි 09 වන සෙනසුරාදා

මල්ලිගෙ කේන්තිය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 579

අත පාටිය නියෝජනේ කරන මිණිපුරේ පැත්තෙන් කවුන්සිලේට පත්වෙච්ච කට සැර දේශපාලන මල්ලි කෙනෙක් ඒ පළාතෙ දේශපාලන නෝන කෙනෙක් එක්ක හැමදාම ගෝරිලු...

අත පාටියෙන් ආවට දැන් පොහොට්ටුව පැත්තට ඇදිල ඉන්න මුන්නැහේ ඕන දේකට ඔට්ටු පොරක් හැටියටයි ප්‍රසිද්ධ...

ඉතින් දැනට ඇවිලීගෙන යන සබරගමු මහ ඇමැති සටනට ඇන්ටර් වෙන්න මුන්නැහේ පසුගිය දවසක නම ලකුණු කළා. අර දේශපාලන නෝනලගෙ කෙනකුත් ලොකු ඇමැති පුටුවට සටනක් දෙන්නයි යන්නෙ... ඒ හින්ද දෙගොල්ලගෙම හිතේ ලොකු කහටක් තියෙනවලු.

මේ නාමයෝජනා කතාව හෙමින් පැතිරෙනකොට අලුතින් සටනට ආපු දේශපාලන මල්ලි අර නෝනට තැන් තැන්වල සැර භාෂාවෙන් නොයෙක් දේ කියන්න පටන් අරන්.

ඔන්න වැඩේ උග්‍ර සටනක් වෙන්න යනකොට පළාතෙ අත පාටියෙ ජ්‍යෙෂ්ඨය වන සෙනෙවිතුමාට මේ කතාව දැනගන්න ලැබිල. උන්නැහේ එක්කත් අර දේශපාලන නෝන කොකු දාගෙන කියලයි කියවෙන්නෙ. කොහොම වුණත් පළාතෙ ජ්‍යෙෂ්ඨය වන සෙනෙවිතුමා අර නෝනට දොස් පරොස් කියන දේශපාලන මල්ලිට වහාම එන්න කියල පණිවුඩයක් යවල ගෙන්න ගත්තලු.

මේ නෝන තමන් එක්කත් ඇයි හොඳයියක් නැතත් තැන් තැන්වල කරන සැර පරැෂ බැණිල්ල වහාම නවත්තන්න කියල සැර අවවාදයක් දුන්නලු. පළාතෙ ලොක්ක වගේම තමන්ගෙ දේශපාලන ගුරැවරයකු වන සෙනෙවිතුමාගෙ අවවාදෙ අහන් හිටපු දේශපාලන මල්ලි හිතේ තරහ නිවාගෙන යන්න ගියා කියල ආරංචියි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00