2018 ජුනි 09 වන සෙනසුරාදා

ලේකම්ට දුන්න නියෝගය

 2018 ජුනි 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 483

අලුතින් අමාත්‍යංශ මාරුවෙච්ච ඇමැතිතුමෙක් තමන්ගෙ අමාත්‍යංශයෙ වැඩ බාරගත්තම එයාගෙ පෞද්ගලික කාර්ය මණ්ඩලෙත් එතෙන්ට ආව...

මේ පෞද්ගලික කාර්ය මණ්ඩලේ ඉන්න එක්තරා ජ්‍යෙෂ්ඨ පොරක් දවසක් තමන්ගෙ අමාත්‍යංශයෙ ලේකම් තැනට දුරකතන ඇමතුමක් දීල පස්සෙ ගිහින් මුණගැහුණා.

මේ හමුවෙදි උන්නැහේ අමාත්‍යංශ ලේකම්ට නියමයක් කළා කියලයි ආරංචි...

ඒ නියමය තමයි අමාත්‍යංශයෙන් පිටරට ශිෂ්‍යත්ව ලබන අයගෙ ලැයිස්තුව තමන්ගෙ අනුමැතියට එවන්න කියන එක...

පරිපාලන සේවෙ ඉන්න ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ කෙනෙක් මේ අමාත්‍යංශයෙ ලේකම් පදවිය දරන්නෙ. ඇමැති තැනගෙ පෞද්ගලික කාර්ය මණ්ඩලේ ඉන්න ඔය කියාපු තැනැත්තගෙ ඉල්ලීම අහපු ලේකම්තුමාට හොඳටම ජුවල් ගිහිල්ල මගේ වැඩ මම බලාගන්නම් තමුන්ගෙ වැඩ තමුන් බලාගන්න... ඔය වගේ ඒව කියාගෙන එන්න එපා කියල... සැරටම දෙහි කැපුව බවයි ආරංචි...

මේ බව එදාම අදාළ විෂය බාර දේසපාලුතුමාටත් වාර්තා වුණා. ඒත් උන්නැහේ නෙවෙයි ලේකම් තැනගෙන් ඒක ගැන ඇහුවෙ...

නමුත් දවස් දෙක තුනකට පස්සෙ අමාත්‍යංශ ලේකම්ට ආරංචි වුණා උන්නැහේට ස්ථාන මාරැවක් ලැබෙන්න යනවය කියල... ඒක අහපු ලේකම් තැන මහ හඬින් හිනාවෙලා කීවලු කොහේ ගියත් මට මොකද? අපිට වැටුප් ලැබෙනව හැබැයි කරන්නෙ හරි දේ විතරයි කියල...

මේ කතාව අපට ඇහුණෙ රුහුණෙන් ඇවිල්ල ආණ්ඩුවෙ බලවත්ම තනතුරක ඉන්න වීර ක්‍රියා ගැන ප්‍රසිද්ධ මහත්තයකුගෙ මිනිස්ට්‍රියෙන්. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00