2018 මැයි 12 වන සෙනසුරාදා

පට්ටමට තට්ටුවුණු කාරණේ

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 856

පසුගියදා සිද්ධවුණ ඇමැති පුටු මාරුවෙදි අත පාටියෙ මන්තිරි සයිස් කස්ටියටවත් රාජ්‍ය හෝ නියෝජ්‍ය මට්ටමේ කස්ටියටවත් උසස්වීම් ලැබුණෙ නැහැ...

රාජ්‍ය මට්ටමේ ජ්‍යෙෂ්ඨ කිහිපදෙනෙක්ම ඇමැති පට්ටම් ලැබෙයි කියලයි දින ගැන ගැන හිටියෙ. කොළඹ ෆවුසිතුමා මයියංගනේ පැත්තෙ ලකීතුමා ගම්පහ පැත්තෙ ලසා උන්නැහේ වගේ අය මෙහෙම බලාහිටපු බව රහසක් නෙවෙයි... ඒත් මොකක්දෝ නොදන්න හේතුවක් නිසා උන්නැහේලගෙ බලාපොරොත්තු ඉටුවුණේ නැහැ.

ඔන්න ඉතින් පුරප්පාඩුවක් තියෙද්දි අත පාටියෙ කාටවත් උසස්වීම් නොලැබීමේ රහස සොයන්න කිහිපදෙනෙක්ම උත්සාහ කළා කියමුකො... රටේ මහ මන්දිරේ පැත්තට ටෙලස්කෝප් හයිකරල පොඩි විපරමක් දාලා බැලුවා...

ඔන්න එතකොට ඇත්ත කතාව කනින් කොණින් එළියට ආවලු...

ඒ අනුව උන්නැහේලට විතරක් නෙවෙයි අත පාටියෙ තවත් කිහිපදෙනකුට ලැබෙන්න තිබුණ පට්ටම් නොලැබුණේ අලි පාටියෙ ඉහළ තැනකින් අත පාටියෙ කිහිපදෙනකුට ඇමැතිකම් දුන්නොත් හොඳයි කියන යෝජනාව ඉදිරිපත් වීම නිසාලු.

මේ යෝජනාව අනුව නම් කියැවුණ දෙතුන් දෙනා නිසා අත පාටියෙ කාටවත් කැබිනට් පට්ටම් නොදෙන්න ලොකු මහත්තය තීන්දු කළේ අලි පාටියෙයි අත පාටියෙයි දෙපැත්තෙම කකුල තියන් ඉන්න අයට පාඩමක් ඉගැන්වීමේ අරමුණින් බවයි ආරංචි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00