2018 මැයි 12 වන සෙනසුරාදා

උන්නැහේ තනිවෙලා

 2018 මැයි 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 600

අලි පාටියෙ ලොකු තැනට එරෙහිව අවි අමෝරාගත්ත පුත්තලං පුත්‍රය විශ්වාසභංගෙ ගැන සැරකතා කියල ඊළඟට ඈත රටක නිවාඩුවක් එහෙම ගත කරල ඇවිත් කකුල පස්සට අරන් බලා හිටිය. උන්නැහේ එහෙම හිටියෙ තමන්ටත් කැබිනට් පට්ටමක් දෙනවය කියල ලැබුණ පොරොන්දුව හන්දලු.

ඉතින් මේ කැබිනට් හීනෙන් සන්තෝෂ වෙමින් හිටපු උන්නැහේගෙ හීනෙ බොඳවුණේ උන්නැහෙත් නොදැනමයි. එයාට ආයෙම ලැබුණෙ රාජ්‍ය පට්ටමක් විතරයි.

ඒ නිසා දැන් මිනිහට තක්කු මුක්කු වෙලා කෝපයට පත්වෙලා ආයෙම වලියට බරවීගෙනලු එන්නෙ... ඒ සටනට මේ පාර පසුපෙළ ඉන්න පොඩි අලිපැටව් එක්ක සැට්වෙන්නත් පුංචි උත්සාහයක් දරන බව ආරංචියි...

ඒත් දැන් පසුපෙළ පොඩි අලි පුත්තලං පුත්‍රය තමන්ගෙ ගාවට කිට්ටු කරගන්නෙ නැහැ කියල තීන්දුවක් අරන්... ඒ නිසා පුත්තලං පුත්‍රයට අනාගතේ දෙන සටනක් දෙන්න වෙන්නෙ තනියම කියල පොඩි අලි ඝෝෂා කරනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00