2017 ජනවාරි 21 වන සෙනසුරාදා

සල්ලි නැත්නම් යනවා යන්න

 2017 ජනවාරි 21 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 278

අලි පාටියෙ ජ්‍යෙෂ්ඨ ඇමැති සයිස් මහත්තයෙක් හොඳටම කේන්ති ගිහිල්ල මල පැනලලු ඉන්නෙ... උන්නැහේගෙ අමාත්‍යංශයේ වැඩකටයුතුවල වෙන් කරපු කෝටි හයසීයක විතර මුදලින් කොටසක් එයාටත් නොකිය කපා දැමිල්ලලු මේකට හේතුව..

රට වටේ ගෙවල් හදන මේ ඇමැතිතුමාට වෙන් කරපු හයසීයෙන් කෝටි දෙසීයක් ඉතුරු කරලා අනෙක් සේරම කපල වෙනත් කැබිනට් දෙන්නකුට ඒ මුදල බෙදාදීලා. තමන්ට දීපු මුදල හොරෙන්ම වතුකරේ දිහාටයි උතුරෙ ස්වාමිතුමාටයි පැවරිල්ල ගැන කේන්ති ගිය අලි පාටියෙ ජ්‍යෙෂ්ඨය ඇමැති හමුවෙදි මාර ගෝරියක් ඇද්ද කියලා කියනවා..

තමන්ට අයවැයෙන් වෙන්කරපු මුදල් නොලැබුණොත් තමන් මේ පදවිය දරන්නෙ නැහැ කියලා අනිත් කැබිනට් සගයො ඉස්සරහ බොහොම සැරේට කිව්වලු... මේ කතාව අහන් හිටපු රටේ ලොකු මහත්තය අර්බුදේට වහාම මැදිහත් වෙලා තරමකට ගින්න නිව්වලු. ඒත් තවමත් අළු යට ගිනි තියනවා කියලයි ආරංචි. 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00