2018 මැයි 05 වන සෙනසුරාදා

කාර් එකේ ජරමරේ

 2018 මැයි 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 578

අලි පාටියෙ වැඩේට බැහැලා ඉන්න කොළොන්නාවේ මරික්ස්තුමා එයා ඉස්සෙල්ලා වැඩ කරපු ආයතනයේ වෙසක් කලාපේ විවෘත කරන්න ගියාලු. ඒකේ ප්‍රධාන ආරාධිතයා රටේ ලොකු තැනලු. වැඩේ ඉවරවෙලා ලොකු තැන යන්න ලෑස්ති වෙද්දී මේ අලි මන්ත්‍රීතුමා දැකලා මන්ත්‍රීතුමා එන්න යන්න මාත් එක්ක ගමනක් කියලා යන තැන නොකිය වාහනයට නග්ග ගත්තා.

පොඩ්ඩ දුරක් ඇවිත් ලොකු තැනගේ කාර් එක හැරෙව්වේ අරලිය මැඳුරටලු. ඒක දැක්ක මන්ත්‍රීතුමාගේ ඇඟෙන් හීන් දාඩිය දාන්නට පටන් අරං. ඒ පාර මන්ත්‍රීතුමා ඇහුවලු ලොකු තැනගෙන් කොහෙද සර් මේ යන්නේ කියලා. ලොකු තැන කිව්වලු අරලිය මැඳුරේ වෙසක් කලාපය විවෘත කරන්න යන්නේ කියලා.

ඒ නිසා කලබල වුණ මරික්ස් ලොක්කා මේ දවස්වල මොනව හිතයිද දන්නෙ නෑ, අනේ සර්... කියලා කිව්වලු. ඊට පස්සේ ලොකු තැන ඔයා බයවෙන්න එපා මාත් එක්කනේ යන්නේ කියලා ගමන ගියා.

ඔන්න වාහනේ අරලිය මැඳුරේ දොර ගාවටම ආවලු. එතකොට අලිපාටියෙ ලොකු තැන ඉස්සරහ ඉන්නවලු රටේ ලොකු මහත්තය පිළිගන්න.

ලොකුතැන මන්ත්‍රීතුමාට කිව්වලු බැහැලා යමු කියලා. ඒත් එයා නෙවෙයිලු බැස්සේ... ලොකු තැන බැහැලා ගිහින් අරලිය මැදුරේ ඇතුළට යනකල් අර අලි පැටියා හිටියේ රටේ මහ තැනගේ කාර් එක ඇතුළෙලු.