2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

ක්‍රිකට් දේශපාලනේ

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 462

ක්‍රිකට් ආයතනෙ මහපුටු සටනට එන්න කියල ඔන්න ආයෙමත් දැන් දේශපාලනේ කරන “කැප්ටන් කූල්ට” ආරාධනාවක් ලැබිලලු...

ඒ ආරාධනාව උන්නැහේට ලැබුණේ ආණ්ඩුවෙ ඉහළම පුටුවක් දරන මහත්තයෙක්ගෙන් කියලයි තතු දත් අය කියන්නෙ. එයත් එක්ක මහපුටු සටනට දැන් එතන ඉන්න උන්නැහෙත් ආයෙම එන්නයි සූදානම. හැබැයි ඒකට ආණ්ඩුවෙ හුඟදෙනෙක්ගෙ ප්‍රසාදයක් නැතිලු. එහෙම වුණේ එයාගෙ කාලෙ ක්‍රිකට්වලට සිද්ධවෙච්ච දේ ගැන ආණ්ඩුවෙ පළවෙනි මහත්තය වගේම දෙවැනි මහත්තයත් අවබෝධ කරගැනීම බවයි ආරංචි.

ඒ පාර ආයෙමත් ක්‍රිකට් අතුරු කමිටු යෝජනාවක් ඇවිත් ඒකට “කැප්ටන් කූල්* දාමු කියලලු සමහරැ කියන්නෙ...

ඒ ආරංචිය ගිය ගමන් ලෝක ක්‍රිකට් සම්මේලනේට පෙත්සමකින් ගතු කියල අතුරු කමිටුව චකබලාස් කරන්න දැන් තවත් කස්ටියක් බරට වැඩලු...

ඕකෙන් මේකෙන් ක්‍රිකට් හටන ලොකු දේශපාලන ජංජාලයක් වෙන්නලු යන්නෙ. 

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුනි 28 වන සෙනසුරාදා, ප.ව. 02:00