2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

එයා නිසා එහේ බැහැ!

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 470

ආණ්ඩුවෙන් යන්න හදන 16 දෙනාගෙ කල්ලියෙ මීටිමක් ඊයේ පෙරේදා ක්‍රිකට් මැඳුරක තිබුණලු...

ඔන්න මීටිමේ හිටපු 16 දෙනා තමන්ගෙ අනාගතේ ගැන කතා කරද්දී මහින්ද උන්නැහේලගෙ පොහොට්ටුවට සම්බන්ධ වෙනවද කියන ප්‍රශ්නය මතුවුණා කියල ආරංචියි. එතෙන්දි කතා කරපු හුඟදෙනෙක් හිටපු ලොකුතැන සමඟ සුහදව ක්‍රියාකරන්න කැමති වුණත් පෞද්ගලික න්‍යායපත්‍ර මත වැඩ කරන වෙනත් ප්‍රබලයෙක් නිසා පොහොට්ටුවට යන්න බැහැ කියලා තීන්දුවකට ඇවිත්.

ඒ නිසා අනාගතේ 16 දෙනාගෙ කල්ලිය ජෝන්තුමා හෝ සුසිල්තුමාගෙ නායකත්වයෙන් වෙනමම කවුන්සිලේ වාඩිවෙන්න එකඟ වුණාලු.