2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා

දේශපාලන මාරුවක්!...

 2018 අප්‍රේල් 28 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 445

සන්ධානෙ ලොකු පුටුවක වාඩිවෙලා ඉන්න ඈත රුහුණෙන් ආපු ජෙෂ්ඨ දේශපාලුතුමෙක් තමන් ඡන්දෙ ඉල්ලන දිස්තිරික්කෙ වෙනස් කරන්න තීන්දු කළා කියල ආරංචියි.

එයා තමන්ගෙ හිතවතුන්ටත් දේශපාලන සගයින්ටත් මේ ස්ථාන මාරැව ගැන දැනටමත් කියලය කියල කතාවක් යනවා...

තමන්ගෙ ඥාති හිතවතුන්ගෙත් අඩුවක් නැති අල්ලපු දිස්තිරික්කෙ නිල්වලා ගඟ පැත්තෙ ආසනේකට සැට්වෙන්නලු එයාගෙ කල්පනාව...

ඒකට හේතුව විශ්වාසභංග අලකලංචියෙන් පස්සෙ තමන් ඉන්න පළාතෙ ඡන්ද පදනම හෙල්ලිලාය කියල ඇඟට දැනෙන්න වීමලු... ඒ හින්ද අලිය පිට නගින්නෙත් නැතුව අත පාටියේම ඉඳගෙන ආසනේ මාරැ කරන්න තීන්දුවක් ගන්න බව තතු දත් අය කියනවා.