2018 මාර්තු 03 වන සෙනසුරාදා

මට සුබපැතුම් එපා

 2018 මාර්තු 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1262

කැබිනට් කාඩ් කුට්ටම අනාපු දවසේ දිවුරුම් දීමේ කටයුතු ඉවර වුණා. ඉතින් සමහරු සතුටින්, සමහරු දුකින්, සමහරු කෝපයෙන් මහ කන්තෝරැවෙන් පිටවෙලා යන්න පටන් ගත්තා කියමුකෝ...

අලුතෙන් රාජ්‍ය ඇමැති පට්ටමකට දාපු හිටපු උප ඇමැති සයිස් මහත්තයෙක් මේ අය අතරේ හිටියා.....

ඉතින් උන්නැහේගේ හැඟීම් දැනීම් දන්නෙ නැති පුටු පාටියේ ජ්‍යෙෂ්ඨම ඇමැති කෙනෙක් එයාට සුබ පතන්න කල්පනා කළා.... මේ ඇමැතිතුමා අත පාටියේ ලොකුම ලේකම්කං කරපු වයඹ පැත්තේ මහත්තයෙක්...

මේ ජ්‍යෙෂ්ඨ ඇමැතිතුමා ගිහිල්ලා අලුතෙන් හිර ගේ බලාගන්න දාපු ඇමැති තැනට අතට අත දුන්නේ මල්ලියේ සුබ පැතුම් කියමින්...

ඇමැතිතුමා අතට අත දෙන්න හදනකොට අලුත් රාජ්‍ය ඇමැතිතැන හිටියේ පුපුර පුපුරා...... එයා තමන්ට අත දෙන්න ආපු ඇමැතිට අත නොදී එපා ඇමැතිතුමා. මට සුබ පතන්න එපා. මේ මඟුලට මම කැමති නැහැ. අයෑම් නොට් හැපි* කියලා ඇමැතිගේ සුබපැතුම ප්‍රතික්ෂේප කරලා යන්න ගියා. ඇමැතිතුමා මොකද්ද මේ මට වුණේ කියලා අන්ද මන්ද වෙලා බලන් හිටියා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00