2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා

පරදින්න හේතුව

 2018 පෙබරවාරි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 656

උඩරට පළාතෙ ගලක් විදපු පැත්තක ආසනයක් පොහොට්ටුව දිනාගත්තා. මේ ආසනයේ සංවිධානෙ කරන්නෙ අත පාටියෙන් පත්වුණ පළාතෙ ලොකු ඇමැති කියලයි ආරංචි. ලොකු ඇමැති පට්ටමක් තියාගෙන ආසනේ පරාද වුණ එක ගැන නිදහසට කරුණු කියන්න උන්නැහේ පහුගියදා බුලත් හුරුල්ලකුත් අරගෙන රටේ වගේම පක්ෂයේ ලොකු මහත්තයත් හමුවුණා.

එයා දැකපු ගමන් ලොකු මහත්තය තරහ මුහුණක් පෙන්වමින් ඇයි මෙච්චර බලතල තිබිලත් මොකද්ද තමුන්ට වුණේ කියලා ටිකක් සැරෙන් ඇහුව...

ඒ පාර බුලත් හුරුල්ල දීලා ලොකු මහත්තයට නමස්කාර කරපු උන්නැහේ පළාතෙ ඉහළම තනතුර දරන බලවන්තිය තමන් ගැන කරපු කියපු දේවල් නිසා පැරදුණු බවට චෝදනාවකුත් කළා.

එයා තමුන්ගෙ ළඟම නෑයො නේද? තමුන්ට නෑදෑයොත් එක්කවත් හරියට ගනුදෙනු කරගන්න බැරිද...? කියලා අහපු ලොකු මහත්තයා මහ හඬින් බරබරයක් දැම්මලු. මධ්‍යම බලවතා සද්ද නොකර මාරැවෙලා ගියාලු.