2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා

ඡන්දෙට කලින්ම ගිහිල්ලා

 2018 පෙබරවාරි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 733

එක්තරා ජනප්‍රිය ක්‍රීඩාවකට සම්බන්ධ දේසපාලුතුමෙක් ඉන්නවා... උන්නැහේ මේ පාර කවුන්සිලේට පත්වෙලා ඉන්නෙ ලැයිස්තුවෙන්. ඉතින් ඒ නිසා ආණ්ඩුවෙ අත පාටියෙ ලොකු තැන මේ දේසපාලුතුමාට ඡන්ද ප්‍රචාරක සටන කරන්න භාරදුන්නලු.

ඒ පාර උන්නැහේ තමන්ට භාර ක්‍රීඩාව නගාහිටුවන්න කියලා ඡන්දෙ කාලෙ උතුරටත් තවත් පළාතකටත් හෙලිකොප්ටර් චාරිකාවල යෙදුණු බවත් ඒවයෙ බිල් ගෙව්වෙ ක්‍රීඩාවට සම්බන්ධ තැනකින් කියලත් ලොකු කතාවක් ගියා...

කොහොම හරි ඡන්දෙට ළංවෙනකොට උන්නැහේලට තේරුණා මේ පාර එන පොට හොඳ නැහැ කියල... ඒ ගමන ප්‍රචාරක වැඩේ එහෙම තියෙද්දි උන්නැහේ මට ලොකු සමුළුවකට සහභාගි වෙන්න කියලා ඡන්දෙට කලින්ම විදේශගතවෙලා...

ඒත් ඔය කියාපු ජාත්‍යන්තර සම්මේලනේට එයාට යන්න අවසර තිබිල නැතිලු. නමුත් උන්නැහේ ගිහිල්ලා. ගියේ මොකටද කියලා දන්නෙ එයාම විතරයි. එහෙම රට ගියපු එක්කෙනා දැන්මේ රටට ඇවිත් හිටපු ලොකු තැනට කොක්ක ගහන්නලු යන්නෙ.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00