2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා

හොරෙන් හොරෙන් කොටු පනින දෙන්නෙක්

 2018 පෙබරවාරි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 635

ඒකාබද්දෙ ඉඳගෙන ආණ්ඩුවට බණින ප්‍රකට චරිත දෙකක් රහසින් රහසින් අලි පාටියෙ ලොක්කො දෙතුන් දෙනෙක් එක්ක ගනුදෙනු කරනව, මුණගැ‍හෙනව කියල අත පාටියෙ ලොක්කන්ට ඉව වැටිල...

මෙයින් එක්කෙනෙක් ඒකාබද්දෙ මහමොළකාරයෙක්ලු. අනෙක් එක්කෙනා ගම්පහ පළාතෙන් ආපු අනාගතේ රටේ ලොකු පදවියකට යන්න වාසනාව තියනවය කියලා උන්නැහේ හිතන රණකාමී පොරක්ලු...

ඉතින් මේ අය කොළඹ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික නිවාස දෙක තුනකදි රාත්‍රී භෝජන මුවාවෙන් අලි පාටියෙ ලොකු ලොක්කො එක්ක හමුවීම් තියන බවයි කියැවෙන්නෙ...

ඒක නිච්චියටම හොයාගන්න දැන් අත පාටියෙ ලොකු ලොක්කො ප්ලෑනක් ඇඳලලු. මේ සැක කටයුතු අය යන එන තැන් ගැන සෝදිසියෙන් ඉන්න කස්ටියක් දිනපතා දෙන වාර්තා අනුව මේ දෙන්න ගැන හෙළිදරව්වක් කරන්නලු අත පාටියෙ ලොක්කො සූදානම් වෙන්නෙ.