2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

අමුතු හමුවක්

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 557

මේ දවස්වල හැමතැනින්ම ඇහෙන්නෙ පුදුම සහගත ආරංචි. මේකත් ඒ වගේ පුදුම සහගත කතාවක්...

බැඳුංකරේ ගැන මතක් වෙනකොටම එකපාරට සිහියට එන තැනැත්තා දන්නව නේද? එයා තරුණ පහේ කෙනෙක් පසුගිය කාලෙ මහත් ආන්දෝලනයට තුඩුදුන් නමක් තියෙන මුන්නැහේ පසුගියදාක කවුරුත් නොසිතන රටේ මහා මන්දිරයක ගැවසුණා කියල කොළඹ දේශපාලන කරළියෙ තිරය පිටුපස කතාවක් ගියා.

එයා එහෙම ගිහිල්ල රටේ ඉහළම කෙනෙක් හමුවෙලා උන්නැහේට ලොකු විස්තරයක් කිව්වා කියලත් ආරංචියි. ඊට පස්සෙ මේ කතාව ළඟදිම රටේ ජනතාවටත් කියන්න යනව කියලා කතාවක් පැතිරුණා...

සල්ලිත් හිඟවෙලා, යාළුවොත් නැතිවෙලා, ලොකු නීතිමය දැලකට කොටුවෙලා ඉන්න මේ තරුණ පොර කරන්න හදන වැඩෙන් පේන්නෙ යන යකා කොරහත් බිඳගෙනම යන්න හදන බවයි.