2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා

පට්ටම ගැලවීම

 2018 පෙබරවාරි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 525

අලි පාටියෙ තරුණ මන්තිරිවරුන්ගෙ ප්‍රෙෂර් එක නිසාම බැඳුංකරේට නම නරක් කර ගත්ත පොරකගෙ පක්ෂ පට්ටම ගලවන්න නිර්දේශ ලැබිලා....

ඒක ඉතාම සුහදව ක්‍රියාත්මක කරන්න ඕන නිසා පාටියෙ ලොකු උදවිය මේ තැනැත්තට කතා කරලා තමන් දරන තනතුරෙන් දැන් ගියොත් හොඳයි කියලා කිව්වලු.

ඒ ගැන කරපු සාකච්ඡාවෙදි ඒ හැටි සුහදකමක් නැතුව කතාකරපු මන්තිරි තැන තමන්ගෙ පට්ටම ගලවනවා නම් තමන් තවත් මෙතන ඉන්නෙ නැති බවත්... ඊටත් එහා ගිය දේවල් තමන්ටත් කරන්න පුළුවන් වගත් සඳහන් කරලා.... ලොකුවට සද්දයක් දැම්ම බවත් ආරංචියි.

ඒ සද්ද බද්ද කොහොම දැම්මත් උන්නැහේගෙ පක්ෂ පට්ටම ගැලවුණේ එයත් නොදැනමයි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00