2018 ජනවාරි 20 වන සෙනසුරාදා

කොටු පැනිල්ලක්

 2018 ජනවාරි 20 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1864

තමන්ගේ නෝන මහත්තයා ගෙදර වැඩ වගේකට අල්ලපු රටට ගිය වෙලාවෙ ඇඟ රත්වෙන්න උදෙන්ම දෙකක් දා ගත්ත ඇමැති සයිස් මහත්තයෙක් කොටුවක් පනින්න ගිහිල්ලා....

හැබැයි උන්නැහේ ගියපු තැන ඒ තරම් හොඳ තැනක් නෙවේ. ටිකක් කචල් පොට් එකක්ලු....

මේ දවස්වල ලොකු ආරස්සාවකුත් ලබාගෙන ගැවසෙන මුන්නැහේ එතන ඉඳෙද්දි කරැමෙට එතෙන්ට ආරස්සක අංසෙ කස්ටියක් කඩාපාත්වෙලා. උන්නැහේල මෙතන චෙක් කරගෙන යනකොට අපේ දේශපාලුතුමා අතේ කෝට්ලු....

ඔබතුමා සහජීවනේ දියුණු කොරන්න ආවද කියල ප්‍රශ්න කරනකොට... එයා ඒව ගණන් නොගෙන තමන්ගෙ කෙනෙක් ඇපේට තියල ප්‍රියා.... ප්‍රියා... කිය කිය ආරක්ෂක රැකවල් මැද සූර් පිටම යන්න ගියාලු.