2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා

පිස්සු කතාවක්ලු

 2017 දෙසැම්බර් 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 493

ආණ්ඩුවේ ඇමැති කෙනෙක් පසුගියදා රහසක් හෙළි කරන බව කියමින් අමුතු කතාවක් කිව්වා. උන්නැහේ කිව්වේ අත පාටියේ සභාපතිකමත් හිටපු ලොකු තැනට දෙන්න තීන්දු කරලා තිබුණා. රටේ ලොකු මහත්තයා ඒ තරම් කැපවීමක් කරන්න ලෑස්ති වුණත් හිටපු ලොකු තැන ඒක භාරනොගැනීමෙන් අවුලක් වුණා කියලයි. 

මේ කතාව උඩරට පළාතෙදී කිව්වේ අපේ අමුණු ඇමැතිතුමා. ඊට පස්සේ මේක අහපු ඒකාබද්දේ ලොකු ලොක්කෝ හිටපු ලොකු තැන හම්බුවෙලා මේ කතාව දිග පළල ගැන ප්‍රශ්න කළා...

ප්‍රශ්නයට පිළිතුරු හැටියට මහ හඬින් සිනාසුණ හිටපු ලොකු තැන ඔච්චර අමාරුවෙන් එතුමා ලබාගත්ත පක්ෂ සභාපතිකම මට දෙන්න තරම් පිස්සුවක් උන්නැහේට නැහැ... අනික සභාපතිකම  මට දෙන්න කතාකළානම් ඒක නොගන්න තරම් පිස්සුවක් මටත් නෑ... කියලා කාරණේ පැහැදිලි කළා කියලා ආරංචියි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00