2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා

සුදුසුකම් හැලිලා

 2017 දෙසැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 438

නිවිල තිබිච්ච සයිටම් සටන ආයෙත් ඇවිලෙන්නලු යන්නෙ. ඒකට හේතුව පෞද්ගලික සරසවිවලට බඳවාගන්න හදාපු සුදුසුකම් ලැයිස්තුව කියලයි අපට ආරංචි... ඒක පසුගියදා රැස්වුණ ආණ්ඩුවෙ ලොකුම මණ්ඩලේ රැස්වීමට දාන්න ගිහිල්ල මැති ඇමැති ඝෝෂාව නිසා සිද්ධවුණේ නැති බවයි ආරංචි.

අලුතෙන් හදාපු සුදුසුකම් ලැයිස්තුව සැකසීම භාරවුණ දොස්තර මණ්ඩලේ හදලා දුන්නා සුදුසුකම් පස්සෙ හැලිලලු. ඒ හැලිච්ච සුදුසුකම් වෙනුවට දේසපාලන අතකින් අලුතින් බාල සුදුසුකම් ලැයිස්තුවක් එකතුවෙලාලු.

මේ හුටපටය දැන් දොස්තර සභාවත් දැනගෙන. ඒක කරපු දේශපාලන භවතත් ඒක කරපු හැටිත් සොයාගෙන කියල කියනව... ඉතින් ඒකට මල පැනපු දොස්තර සභාව ආයෙම සටන් මඟට යන්න හදන බවයි කියවෙන්නෙ. 
එහෙම වුණොත් ඡන්ද කාලෙ ආයෙම උද්ඝෝෂණ සමයක් නරඹන්න කාටත් පුළුවනි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00