2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

සැර කතාවට සැර අවවාදයක්

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 622

පසුගිය දවසක ගාල්ල පැත්තෙ ඇතිවෙච්ච උණුසුම නිවන්න කොළඹින් ගිය ආරක්ෂක වැඩට සම්බන්ධ ලොක්කෙක් තමන්ගෙ දෙපාර්තමේන්තුවෙ නිලධාරී කස්ටිය කැඳවල සාමෙ ඇති කරන හැටි ගැන දේසනයක් කළාලු.

දේසනයක් කිව්වට මේක දැවැන්ත දේසනයක්. උදේ 2.45 වෙනකම් දේසනය ගියා කියලයි ආරංචි. ඉතින් බණ භාවනා ආදිය ගැන නම් දැරූ මේ ලොක්කට දේසනේ කරගෙන යද්දි අසූහාරදාහට කේන්ති ගිහිල්ලලු හිටියෙ. ඒකට හේතුව සාමය කඩවෙනකම් ඒක නවත්තගන්න බැරිවීමලු. එයා එයාගේ කේන්තිය පිටකළේ ඉතාම සැර වචනවලින් කියල ඊටපස්සෙදම රටේ ලොකු මහත්තයට ආරංචි වෙලා...

ලොකු මහත්තය ඒ ගැන කරුණු කාරණා විමසල තමන්ගෙ යටත් නිලධාරීන්ට ඒ විදියට කතා කිරීම සම්බන්ධයෙන් ඉතාම සැර වචනවලින් දැඩි අවවාදයක් කළා කියලා එක කතාවයි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00