2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා

දෙන්නෙක් ගෝරිලු

 2017 නොවැම්බර් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 596

අත පාටියයි පොහොට්ටුවයි සමගි කරන්න ගෙන ගිය වැඩපිළිවෙළ කොටඋඩ කියලා පසුගිය දවස්වල කතාවක් ගියා. එහෙම වෙන්න හේතුව දෙපැත්තෙම ඉහළ පුටුවල ඉන්න දෙතුන් දෙනෙක් මේ වැඩේට දිගින් දිගටම බාල්දි පෙරළීමය කියලා ආරංචියි.

ඒ මොන බාල්දි පෙරළුණත් මොන කතා ගියත් තිරය පිටුපස සිද්ධවෙමින් තියන සමගි සන්ධාන කතාව තවමත් හෙමින් හෙමින් ඉදිරියට යනවලු. පොහොට්ටුවෙ කස්ටිය නම් මෙතෙන්දි හිටපු ලොකු මහත්තය දෙන අන්තිම වචනෙ දිහා බලාගෙන කල් බලමින් ඉන්නව කියලා කියවෙනවා...

ඒත් අත පාටිය පැත්තෙන් සමගි සන්ධාන කතාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරපු දෙන්නෙක් නිසා අර්බුදයක් පටන් අරන් කියලා ආරංචියි.

හිටපු ලොකු නෝනයි රජරට දුමියි දෙන්නලු මේ සටනෙ ඉන්නෙ. කලින් මේ ගැන නොයෙක් දේ කිව්ව හම්බන්තොට වීරෙත් අන්තිම මොහොතෙ කැමැත්ත දීපු බව තතු දත් අය කියනවා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00