2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා

ව්‍යායාමෙට බැණ ගැනිල්ල

 2017 නොවැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 743

වේලාව උදේ 6.15යි. ස්ථානය ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා පිටිය.  සෙල්ලමට බර ඇමැති කෙනෙක් තමන්ගෙ යාළුවො සෙට් එකත් එක්ක ව්‍යායාමෙට ඇවිදගෙන යමින් හිටිය. උන්නැහේ යන පැත්තට විරුද්ධ පැත්තෙ ඉඳලා වෙළෙඳාමට බර ඇමැති කෙනෙක් තමන්ගෙ යාලුවොත් එක්ක ඇවිදගෙන එන්න පටන් ගත්තා. ඔන්න සෙල්ලමට බර ඇමැති ඈත ඇවිදගෙන යනවා දැක්ක විතරයි... වෙළෙඳාමට බර ඇමැති කෑ ගහලා තමන්ගෙ ඇමැති සගයට කතා කළා... “ඇයි ඇමතිතුමා ඔයා මට හැමතැනම හොරෙක් හොරෙක් කියල දොස් කියනවා කියන්නෙ...” වෙළෙඳ ලොක්ක ප්‍රශ්න කළා. ක්‍රීඩා පිට්ටෙනියේදි එයා කෑ ගහල අහපු ප්‍රශ්නෙ නිසා කේන්ති ගිය සෙල්ලමට බර ඇමැති තැන උත්තර දුන්නෙ මෙහෙමයි...

“ඉතින් මොකද්ද ඒ කතාවෙ තියන වැරුද්ද මම කිව්වෙ ඇත්ත...”

සෙල්ලම් ඇමැතිතුමා කියාගෙන කියාගෙන ගියා...

“කොහොමද ඔහේ එහෙම කියන්නෙ?” වෙළෙඳ ලොක්ක ආයෙම ප්‍රශ්න කළා.

“එහෙම කියන්නෙද මම එහෙම කියන්නෙ තමුසෙ ඒව කරන නිසා. මම ඒක අදත් කියනව හෙටත් කියනවා... තමුසෙගෙ මුහුණටත් කියනවා...” සෙල්ලම් මහත්තයා ආයෙම ගෝරනාඩු කළා... 

වෙළෙඳ ලොක්ක එක්ක හිටපු යාළුවො මූණට මූණ බලාගත්ත. ඇවිදිල්ල නවත්තපු උන්නැහේ වාහනේට නැගලා යන්න ගියා...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00