2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

ඊළඟට එන කෙනා කවුද?

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1427

ආණ්ඩුව පැත්තෙ හිටපු තුන්දෙනෙක් පහුගිය මාස කිහිපය තුළ ඒකාබද්දෙ පැත්තෙ වාඩි වුණා. ඒත් පක්ෂ මාරු කතාව මුලින්ම කියපු ටී.බී. උන්නැහේ ගැන නම් කිසිම ආරංචියක් නැහැ...

පියංකර - අරුන්දික - ඩුලිප් තුන්දෙනා ආණ්ඩුවෙන් ඒකාබද්දෙට සැට් වුණා වගේ මාසිකව එක්කෙනෙක් දෙන්නෙක් විපක්ෂය පැත්තෙ වාඩිකරගන්න සැලසුම් සහගතව කියලා ඒකාබද්දෙ සමහරු කියනවා. ඊළඟට ආණ්ඩුවෙන් ඒකාබද්දෙට තවත් සති දෙක තුනකින් කෙනෙක් යනවලු. ඒ කවුද කියලා විමසුවට එයාලා නම රහසක් වශයෙන් තියාගන්නවා කියලයි කියන්නෙ. 

ඒත් වටින් පිටින් තියෙන දූෂමාන ආරංචිවල හැටියට මේ එන උන්නැහේ පිට පළාතක කෙනෙක් කියලා කියවෙනවා... සමහරු කියන්නෙ ජ්‍යෙෂ්ඨ මට්ටමේ චරිතයක් බවයි. මේ කට්ටිය පක්ෂයෙ දෙගොල්ල එකතු කරන්න හැකි තරම් ට්‍රයි කරලා බැරි වුණොත් විපක්ෂය පැත්තෙ අසුන් ගන්නලු සූදානම.