2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

රහස් කතාවක්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 516

ඡන්දෙ කිට්ටුවේගෙන එනකොට බාගැනිලි ගැන හැමතැනින්ම තොරතුරු ලැබෙනවා. මහ පක්ෂවල වගේම පොඩි පක්ෂවලිනුත් බාගැනිල්ලට අත තියලා බවයි පේන්නෙ.

හකීම්තුමා එක්ක දැනට ගහේ නැගලා ඉන්න කිහිපදෙනෙක් ගහෙන් බස්සලා තමන්ගෙ ඔඩොක්කුවට දාගන්න රිෂාඩ් උන්නැහේ ලෑස්තිවෙනවය කියලා තිරය පිටුපස පොඩි දේශපාලන ගින්නක් පත්තුවෙලා.

ඒ කතාව පැතුරුණේ පහුගියදාක හකීම්තුමාගෙ ගෝලයෙක් ලංකාවෙ ලොකුම ව්‍යාපාරික භවතෙක්ගෙ ගෙදර දි රිෂාඩ්තුමාගෙ පැත්තට කරණමක් ගහන්න කරපු රහස් කතාවක් හෙළිදරව් වීම නිසයි.

ඊටත් වඩා රස කතාව මේ ජරමරය පිටිපස්සෙ ආණ්ඩුවෙ ඇමැති සයිස් මහත්තයෙක් ඉඳගෙන නූල් ඇදීමලු.

මේ වැඩේ දිගින් දිගටම ගියොත් හකීම්තුමාලත් ලොකු හුටපටයක් කරන්න ඉඩ තියෙනව කියලා කරුණු කාරණා දන්න අය කියනවා.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00