2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා

එතුමා දුකෙන්

 2017 නොවැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

රටේ ලොකු මහත්තයා පහුගියදාක මැදපෙරදිග කටාර් පැත්තෙ ලොකු සංචාරෙක ගියා.

ආණ්ඩුවට සම්බන්ධ මුස්ලිම් ඇමැතිවරු හුඟදෙනකුට ඒකට ආරාධනා කරලත් තිබුණා. දියවන්නා කවුන්සිලේවත් නැති සාලි උන්නැහෙත් ගමනට එකතුවෙලා හිටියා... ඒත් පුටු පක්ෂයෙ ඉතාම ජ්‍යෙෂ්ඨයෙක් වන ෆවුසිතුමාට මේකට ආරාධනා කරලා තිබුණෙ නැහැ. ඒ නිසා උන්නැහේ සෑහෙන දුකට පත්වෙලා කනගාටුවෙන් තමන්ගෙ හිත මිතුරන් එක්ක මේ ගැන කිව්වලු. ඒ කියන ගමන් පක්ෂයෙ හිටපු ලොකු තැනගෙ කාලෙ නම් අපට මෙහෙම වුණේ නැහැ කියලත් කීව බවයි ආරංචි. ඒ ඇරෙන්න ඒ ආණ්ඩුව කාලෙයි, මේ ආණ්ඩුව කාලෙයි වෙච්ච දේවල් ගැන කිය කිය ෆවුසිතුමා ඉතාම දුකින් කල්ගත කරන වග තතු දත් අය කියනවා

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00