2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

ඇමැතිගෙ ගෝරනාඩුව

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 511

ආණ්ඩුවෙ ඉන්න කටසැර ඇමැති සයිස් මහත්තයෙක් ඒ වගේම කටසැර ආණ්ඩුකාර සයිස් කෙනකුට දුරකතන ඇමතුමක් දුන්න. “මම මේ අහවලා කතා කරන්නෙ” ඔව් සද්දෙන් අඳුනගත්ත ආණ්ඩුකාර තැන කිව්වා.

“ඇයි ඔයා අහවලා මාරු කළේ... එයා මගේ මිනිහා...” ඇමැති තැන ගෝරනාඩුවකට ආවා... උන්නැහේට ඒ තරම් කේන්ති ගිහිල්ලා තිබුණෙ එයාගෙ හිතවතෙක් ආයතන ප්‍රධානකමින් යවන්න ආණ්ඩුකාර තැන ගත්ත තීන්දුවක් හින්දයි...

“මොකද්ද ඒ මාරුවෙ වැරැද්ද... ඔය කියන නිලධාරිය හුඟක් වැරදි කරලා තියනවා. අන්තිම සවුත්තුයි... ඒකයි යැව්වෙ...” ආණ්ඩුකාර තැන උත්තර දුන්න. “එහෙම බැහැ. ඒක අවලංගු වෙන්න ඕන” ඇමැති තැන ආයෙම කිව්වා...

මැති ඇමැතිලත් එක්ක විතරක් නෙවෙයි තුන්ලෝකයත් එක්කම කටයුතු කරන ඕනම දේශපාලන ග්‍රහයෙක් දමනය කරන්න පුළුවන් ආණ්ඩුකාර තැනට මල පැන්නලු. ඊට පස්සෙ මෙහෙම කිව්ව...

“ඔහේ කවුද මම කරපු මාරැ අවලංගු කරන්න. මගේ වැඩවලට ඇඟිලි ගහන්න එන්න එපා. මම මගේ වැඩ බලාගන්නම්. ඔහේ ඔහේගෙ රාජකාරිය බලාගන්න” ආණ්ඩුකාර තැන කිව්වා.

වැඩේ හබක් වුණ බව දැනගත්ත ඇමැති තැන කේන්තියෙන් පුපුර පුපුර “හරි බලාගමු මමත් ගමේ යන්නෙ නුවර පහුකරගෙනනේ” කියමින් ටෙලිෆෝන් එක තිබ්බා.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00