2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා

හඳහනක් නිසා වුණු වැඩක්

 2017 ඔක්තෝබර් 07 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 551

ඊයෙ පෙරේද මාරුවීමේ ලබාපු හිටපු කස්ටම් ලොක්කා මේ දවස්වල රාජ්ජ පරිපාලනේ “පූල්” එකේ විවේක සුවයෙන් ඉන්නවලු. එයාට හිටපු තැනින් යන්න සිද්ධ වුණ හේතු පසුගිය සුමානෙත් හෙළිදරව් වුණා. ඒ අතරෙ එළියට ආපු අලුත්ම කතාවකින් මේ මාරැව ගැන අපූරු තොරතුරක් දැනගන්න ලැබුණ...

ඒ අනුවඋන්නැහේ පසුගියදාක තමන්ගෙ දුවණියගෙ හඳහන බලාගන්න අම්පාර පැත්තෙ ප්‍රකට දෛවඥ කෙනෙක් හමුවෙන්න ගියාලු... එහේ ගිහිල්ලා දියණියගෙ කල දවස ගැන වෙලාව බලා කියාගෙන ලංකාවෙ තවත් සුප්‍රකට කෙනෙක්ගෙ අනාගතේ ගැන දැනගන්න උන්නැහේගෙ ජන්ම පත්තරේ කොපියකුත් දෛවඥ තැනට දීලය කියලා කතාවක් ගියා.

ඒ ජන්ම පත්තරේ වෙනත් කාගෙවත් නෙවෙයි හිටපු ලොකු තැනගෙ කියලත් ඒ කතාව කිව්ව උදවිය කියන්න ගත්ත.

මේ ආරංචිය පැතිරුණේ දෛවඥ තැනගෙ පැත්තෙන් කියලත් තතු දත් අය කිව්ව. ඉතින් මේ පුවත දැනගත් හිටපු කස්ටම් ලොකු තැන ඒක ප්‍රතික්ෂේප කළත් ආණ්ඩුවෙ ලොකුම තැන් එයාව විශ්වාස කළේ නැතිලු. ලොකු අයට හුඟක් තරහ ගියාලු.

මේ කතාව දේසපාලන බලධරයෙක් හිටපු කස්ටම් ලොක්කගෙ මුහුණටම කියලා. දැන් ඔය පුටුවෙන් බහින්න පුළුවන් කියල නියම කළාම උන්නැහේ පූල් එකට වැටුණ බවයි ආරංචි... 

කොහොමද කේන්දර බැලිල්ලෙ ආනිශංස...