2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා

උඩරට නිශ්ශබ්ද මහත්තයා

 2017 සැප්තැම්බර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 525

මේ දවස්වල නිශ්ශබ්ද විලියම්ගෙ චරිගෙ රඟපාන ඒකාබද්දෙ ලොක්කෙක් ඉන්නවලු...

උඩරට පළාතෙන් පත්වුණ මුන්නැහේ පසුගිය කාලෙම ඒකාබද්දෙ සටන් බිමේ වැඩිපුර පේන්න හිටියෙ නැති මහත්තයෙක්...

උන්නැහේට ආණ්ඩුවෙන් බරසාර විදියට ආරාධනාවක් ලැබිලය කියල තිරය පිටුපස කතාවක් ගියා. හැබැයි ඉතින් එයා යන්නෙ ඒ ගමනට හරි සැලකිල්ලක් ලැබු‍ණොත් විතරලු...

උන්නැහේ ජනමාධ්‍ය පැත්තට කැමැත්ත පෙන්නුව කියලත් කියැවෙනවා... ඒත් දැන් ඒකට වෙනත් වගකිවයුත්තෙක් ඉන්න නිසා මහවැලි සංවර්ධනේ වගේ විෂයක් ගැනත් කතාබහ වෙනවා කියලා ආරංචියි....
මේ කතා නිසා උඩරටට ජය කෙහෙළි නැංවූ මෙතුමා වැඩිය සද්ද බද්ද නැතුව ඉන්න බවයි පේන්නෙ.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00