2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මුකුත් කියන්න බැහැ කිව්ව ගමන් යන්න හදනවා

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 535

ආණ්ඩු කරන දෙපැත්තෙ ලොකු ලොක්කන්ගෙ මීටිමක්. මේ මීටිමට ආවෙ ඉහළම මට්ටමේ ලොක්කො කිව්වොත් වරදක් නැහැ...

මෙයාල රැස්වුණේ සම්මුතිය තවදුරටත් ගෙන යන එක ගැන කතාබහ කරගන්න... ඉතින් ආණ්ඩුවෙ අලි පාටිය නියෝජනය කරන ලොකු ලොක්කො පටන් ගන්න කොටම පුටු පාටියෙ ලොක්කන්ට කළේ පැමිණිල්ලක්ලු. තමුන්නාන්සේලගෙ අහවල් අහවල් ඇමැතිවරු හැමතිස්සෙම ප්‍රසිද්ධියෙ අලි පාටියටයි අපේ මැති ඇමැති කස්ටියටයි ප්‍රසිද්ධියෙ දෝස්මුර දානව... ඒක නැවැත්තුවෙ නැත්නම් මේ ගමන දිගටම යන්න බැරිවේවි... කියලයි පැමිණිල්ලෙන් කියැවුණේ. දකුණෙ - ඌවෙ - කොළඹ පළාතෙ ඉන්න පුටු පාටියෙ ලොකු ලොක්කො තුන් හතර දෙනෙක්ගෙ නමුත් මෙයාල කිව්වලු...

මේ පැමිණිල්ල සාවධානව භාරගත් පුටු පාටියෙ ලොකු මහත්තුරු දුන්න උත්තරේ ප්‍රශ්නෙටත් වඩා බරපතළයි... එයාලා කිව්වෙ මෙහෙමයි.

අපිටත් තේරෙනව. ඒත් මුකුත් කියන්න බැහැ. කිව්ව ගමන් අරය ළඟට යනව... මිනිහ පැය 24ම මේ පැත්තට ඇම දාල තියෙන්නෙ... ඒ නිසා ටිකක් ඉවසන්න... ඊට පස්සෙ අපි බලමු...

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00