2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

මහ පොළොවෙ දේශපාලනේ

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 413

මේ මාසෙ සුබ නැකතකින් ආණ්ඩුවෙන් ගිහිල්ලා තනියම ඉන්නවය කියන පුටු පාටියෙ ඇමැති සයිස් තුන් හතර දෙනෙක් පහුගිය කැබිනට්ටුවට පස්සෙ රටේ ලොකු මහත්තය එක්ක වැදගත් කතාවකට වැටුණා.

මෙයාල හම්බවුණ ගමන් ලොකු මහත්තය පොඩි බර බරයක් දාලා කිව්වලු ඔයාලත් එක්ක මුකුත්ම කරන්න බැහැ බාල්දි පෙරළනව ඒක හොඳ නැහැ කියලා... මේ විදියට උන්නැහේ ඇමැති කස්ටියට කිව්වම එතන හිටපු එක ඇමැති කෙනෙක් ඒකට කැපෙන්න උත්තර දුන්නය කියල ආරංචියි... උන්නැහේ සබරගමුවෙන් ආපු ජ්‍යෙෂ්ඨයෙක් එයාගෙ කතාවට බස්නාහිරින් ආපු ප්‍රේමණීය ඇමැතිතුමත් සහය දුන්නලු...

කොහොම හරි එයාල කියල තියෙන්නෙ ඡන්දෙ ඉල්ලන්න කලින් මහ පොළොවෙ දේශපාලනේ තේරැම් ගන්න කියලලු. ලොකු ලොක්කන්ගෙන් හොඳ නම ගන්න සමහරු ඇත්ත හැංගුවත් තමන්ලා ඇත්ත හංගන්නේ නැතුව කියන එක වරදක්ද කියලත් එයාල ඇහුවලු. 

මේ යන විදියට තනියම ගියොත් අත පාටියෙ ඡන්දෙදි වැටෙන්නෙ පහළම තැනකට කියල වැටෙන තැනත් සඳහන් කළාලු.

මේ කතාව අහන් හිටපු රටේ ලොකු මහත්තය හරි හරි අපි තුන්වැනිදයින් පස්සෙ බලමු කියලා කතාව නැවැත්තුව කියලයි ආරංචි.