2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා

ඡන්ද කල්දාන උපදෙසක්

 2017 සැප්තැම්බර් 02 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 334

විපක්ෂයෙ ලොකු මහත්තයා නැගෙනහිර පළාතෙ ලොකු ඇමැති තැනට ඊයෙ පෙරේද දවසක හදිසි ඇමතුමක් ගත්තා කියලා ආරංචියි.

මේ ඇමතුම ගත්තෙ දැන් පළාත් සභා ගණනාවකින් පැරදුණු ව්‍යවස්ථා සංශෝධනේ සම්මත කර ගැනීමට අවශ්‍ය උපදෙස් දෙන්නලු.

ඒ උපදෙසින් කියවුණේ පළාත් සභා ඡන්ද කල් දමන සංශෝධනේ දැන්ම සම්මත කරන්නෙ නැතුව කල් දාන්න කියලයි... එහෙම කල් දාන්නෙ පළාත් මන්ත්‍රීවරුන්ගෙ සහයෝගය වැඩිපුර ගන්න පුළුවන් විදියට සංශෝධන ගණනක් ආණ්ඩුව ගේන්න හදන නිසා ඒවට කාලය ලබාගන්නලු.

ඉතින් විපක්ෂයෙ ලොකු තැනගෙ අවවාදෙ ඉස්මුදුනින් පිළිගත්ත නැගෙනහිර ලොකු ඇමැති තැන ඡන්දෙ කල් දැම්මලු.

ඒත් ඡන්දෙ කල් දාගන්න විපක්ෂයෙ ලොකු තැන දඟලන දැඟලිල්ල ගැන පළාත් සභාවෙ ඉන්න ජ්‍යෙෂ්ඨයො පුදුමයට පත්වෙලා ඉන්නව කියලත් ආරංචියි.

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00