2017 අගෝස්තු 12 වන සෙනසුරාදා

තැපෑලෙන් පැමිණිල්ලක්

 2017 අගෝස්තු 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 298

උඩරට පළාතෙ තැපෑලෙන් වැඩකරන ඇමැති මට්ටමේ මහත්තයෙක් ඉන්නවා කියමුකො. උන්නැහේ ආණ්ඩුවෙ ඉන්නෙ එක්තරා හවුල්කාර පාටියක කෙරැම්කාරයෙක් හැටියටයි. උන්නැහේලගෙ දිසාවෙ එයාලගෙ පාටියෙ ඡන්ද සෑහෙන ගණනක් තියනවා...

ඒත් උන්නැහේ පසුගියදාක තමන්ගෙ පාටියෙ ලොකු පුටුවෙ ඉන්න “කීම්” තුමාල හම්බුවෙලා පැමිණිල්ලක් කළා කියල ආරංචියි... එතෙක් කියැවුණේ තමන්ගෙ දිස්තිරික්කෙම ඉන්න ආණ්ඩු පාටියෙ ලොක්කෙක් පළාතෙ කෙරෙන සේරම පොදු වැඩවලින් තමන් අයින්කරලය කියලලු... ඒ නිසා තමන්ට මේ දේසපාලනේ එපාවෙලා කියල උන්නැහේගෙ පැමිණිල්ලෙ සඳහන්ලු... ඒ කතාව අහන් හිටපු “කීම්” තුමා කලබලවෙන්න එපා මම “කිරිපැණි” එකතු කරන්නම් කියල පොරොන්දු වුණාලු.