2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

කටකාරයෝ තුන්දෙනාගේ ගේම

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 617

පසුගිය දවසක ආණ්ඩුවෙ ලොකු මහත්තය ප්‍රසිද්ධියෙම කිව්ව තමන් රෑට රෑට හමුවන ඒකාබද්දෙ කස්ටියක් ඉන්නවය කියලා...

ඒ කතාව ගැන ඒකාබද්දෙ ඉන්න දෙතුන් දෙනෙක් හොඳටම කලබල වෙලා කියලා ආරංචියි...

මේ අය කලබල වෙලා ඉන්නෙ ලොකු මහත්තය හෙළිදරව් කළේ ඒ අයය කියල හිතලලු...

මේ කණ්ඩායමේ තුන් දෙනෙක් විතර ඉන්න බවයි ඒකාබද්දෙ අය කියන්නෙ.

එයින් කෙනෙක් මහනුවර කටකාර හිටපු ඇමැති සයිස් මහත්තයෙක්ලු. උන්නැහේ දැන් ලොකු නීති ප්‍රශ්නෙකට පැටලිලා හින්ද වැට උඩ නැගල කියනව. අනෙක් එක්කෙනත් කට කාර රුහුණු පළාතෙ පොරක්ලු. ඕන වැඩක් “අල” කරගන්නෙ නැතුව කරන මුන්නැහේ මේ වැඩේ අල කරගෙන කියල තමයි තතුදත් අය කියන්නෙ. 

ඔය කියන අනෙක් කෙනා කොළඹ පැත්තෙන්ලු එක්නෙ. උන්නැහෙත් කටකාරලු. ඒත් එයා ඒ පැත්තෙ ඉන්නෙ බාගෙට කියලයි ආරංචි.... උන්නැහේගේ අතින් දෙපැත්තමෙ තොරතුරු දෙපැත්තට ගලා යනවලු... ඒත් එයා හොඳ “ගුණවත්” පොරක් කියලත් ආරංචියි.