2017 අගෝස්තු 05 වන සෙනසුරාදා

ආණ්ඩුකාරතුමා පොලිස් ඇඳුමෙන්

 2017 අගෝස්තු 05 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 379

අපේ රටේ එක්තරා පළාතක් භාර ආණ්ඩුකාරතුමෙක් පොලිස් ඇඳුමෙන් සැරසිලා ප්‍රසිද්ධ හෝටලයක් ඉස්සරහ ඉඳගෙන ජනතාවටත් පොලිසියටත් අණ දුන්නය කියල ආරංචියක් ආව.

එයා මේ විදිහට අණ දීලා තිබෙන්නෙ ලොකු පොලිස් ආරක්ෂාවකුත් ඇතුවලු. මේ දවස්වල පොලිසියත් එක්ක හිටපු ත්‍රස්තවාදි කස්ටිය පැටලිලා ඉන්න පළාතක ප්‍රසිද්ධියෙ ආණ්ඩුකාරතුමා පොලිස් ඇඳුම් ඇදන් පාරට බැස්සෙ ජනතාවට අලුත් පණිවුඩයක් දෙන්න කියලත් කතාවක් ගියා.

කොහොමහරි මේ කතාව ප්‍රචාරය වුණත් පින්තූරත් එක්කයි. ඊට පස්සෙ කොළඹ හිටපු බලධාරීන් හිටු කියල දුරකථන ඇමතුම් දීල මුන්නැහේගෙ මේ පොලිස් ඇඳුම් කතාව ගැන ප්‍රශ්න කළාලු.

එතකොට උන්නැහේ හිනාවෙලා කිව්වෙ “මේක මේ ජනතාවගෙ ආරක්ෂාව ගැන හදන චිත්‍රපටයක ජවනිකාවක්. මම ඒකෙ ලොකු චරිතයක් කළා. ඒක පොලිස් නිලධාරියකුගෙ චරිතයක්... අපි කොහොමත් රඟපාන්න දන්න හොඳ නළුවොනේ...” කියලයි. ආණ්ඩුකාර පට්ටම ටිකකට පැත්තකින් තියල මේ රඟපෑම කළේ උතුරේ ඉන්න කුරේ ආණ්ඩුකාරතුමා.