2017 ජුලි 29 වන සෙනසුරාදා

රොෂාන්ට මල පැන්නෙ ඇයි?

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 495

පසුගිය සතියේ ඒකාබද්දෙ පොළොන්නරුවෙ ඉන්න රෝෂාන් උන්නැහේ හිටියෙ මල පැනල... එයා ඒකාබද්දෙන් යනවය කියල නිවේදනයකුත් දැම්මෙ ඔය කේන්තිය නිසයි.

මේ කේන්තියට හේතුව හැටියට එළියට කිව්වෙ තමන්ට නොදන්වා පොළොන්නරුවෙ රැස්වීම් සංවිධානය කළා. ඒක කළේ පොහොට්ටු පක්ෂයෙ ඉන්නා හිටපු ලොකු තැනගෙ උපක්‍රමශීලී සහෝදරයද කියලයි... 

ඒත් ඇත්ත කතාව ඒක නෙවෙයිලු. ඔය කියන පොහොට්ටු පක්ෂයෙ ලොක්ක රොෂාන්ල කාටවත් නොකියා පොළොන්නරුවට තමන්ගෙ සංවිධායකයො දෙතුන් දෙනෙක් පත්කිරීමලු ඇත්ත හේතුව...

තමන්ගෙ අතට බලය ලැබුණම හිටපු මිනිස්සු මේ විදියට අමතක කරන්න හොඳ නැහැ කියල දැන් ඒකාබද්දෙ හුඟදෙනෙක් තැන තැන කතාවෙන්න පටන් අරන්. ගිය අඟහරුවාද මැති සභා ලොබියේ ඒකාබද්දෙ ප්‍රබලයො දෙතුන් දෙනෙක් මේ ගැන තදින් කතාකරල මෙයා දැන්ම මෙහෙම නම් තව ටිකක් කල් ගියාම කොහොම හිටීදැයි කියාපු නුවර පැත්තෙ ඒකාබද්දෙ ලොක්කෙක් මෙයා නැතුව අරය ගේන වැඩේ ඉක්මන් කරන්න වෙයි කියලා තමන්ගෙ සගයන්ට යෝජනාවකුත් කළාලු.

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00