2017 ජුලි 08 වන සෙනසුරාදා

ඉඟුරු කල්ලියේ මීටිමක්

 2017 ජුලි 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 805

තමන් දැනට දරන පට්ටම් පැත්තකින් තියල ස්වාධින මට්ටමෙන් ඉන්නවය කියපු මැති ඇමැති කස්ටිය පහුගියදා රාජගිරිය පැත්තෙ සුපිරි අවන්හලක වී.අයි.පී කාමරේ මීටිමක් තිව්වය කියල ආරංචියි.

මේ මීටිමට 18 දෙනෙක් ආරාධනා ලැබුවත් ඇවිත් හිටියෙ දහ දොළොස් දෙනෙක් කියලයි තතු දත් අය කියන්නෙ. 

ඒ අය අතරෙ මැති ඇමැති දෙගොල්ලම හිටියලු...

අගෝස්තුවෙන් පස්සෙ කළයුතු දේ ගැන උන්නැහේල බොහොම දේවල් කතාකරල තීන්දු කළා කියලත් කියනව...

ඒත් මේ කස්ටිය එක්ක එන්නම් කියල පොරොන්දු වෙලා හිටපු කේතලෙන් මල්ලක් ගේන්න යන පළාතෙ ධනවත් උප ඇමැති සයිස් මහත්තයෙක් එක පාරටම වැට උඩ ප්‍රතිපත්තිය පිළිඅරන් කියල කතාවෙලා තියනවා. උසාවියෙ නඩුහබ වගේකුත් තියන උන්නැහේ කියන්නෙ අපි මේ අලි - පුටු දීගෙ ගැන තව පාරක් කතා කළොත් නරකද කියලලු...

කොහොම හරි එයාගෙ ඒ මතේ අනෙක් කස්ටිය ප්‍රතික්ෂේප කළා කියලත් ආරංචියි.

 

 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00