පරණ ආණ්ඩු වගේම අලුත් ආණ්ඩුවෙත් බලයක් තියෙන කෙනෙක් හැදීගෙනලු එන්නෙ. එයා හැමෝගෙම ප්‍රශ්න විසඳන්න වගේම හැමෝම එයාට ගිහින් දේවල් කියලා චාන්ස් එකක් ගන්න හදනවලු. එයාව හොඳින් තියාගත්තොත් ඔක්කොටම වඩා හොඳයි කියලා ගොඩක් අයට හිතෙනවලු.
ආණ්ඩුව ආපු ගමන්මගේ හැම පාරක්ම දන්න මෙයා, හැමෝටම රත්නයක් වගේලු. දුක අහන්න වගේම දෙසන්නත් මෙයාට හයිය තියෙන නිසා එයාව හොයාගෙන ගොඩක් අය ඇවිල්ලා ගොඩක් රහස් කියනවලු. අලුත් මන්තිරිවරු පවා සහෝදරයා කියලා කටවචනෙට කිව්වට ඇත්තටම එයා සර් වගේලු ඉන්නෙ. කාවවත් ගණන් ගන්නේ නැති එයාගේ ගමන නතර වෙන්න යන්නේ උඩින්ම කියලයි ආරංචිය.