2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

කතා බැරිලු

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 1012

අලු‍ත් ආණ්ඩුවේ අලු‍ත් තරුණ ඈයෝ ආපු දවස්වල මැතිසබේ මයික් පැළුවා, හෝසෙට කතා දුන්නා ඇති තරම් කියවන්න. ඉතින් ඒ නිසා එයාලා සතුටින් හිටියේ.

හැබැයි දවස් යන්න යන්න මේ අයට අර තිබුණු තැන නෑලු‍. දැන් කතා දෙන්නෙත් නෑලු‍. හොඳටම කතා කිව්ව චතුර කට ඇති පුතකුයි උගණ්ඩාවෙන් සල්ලි හොයන්න යන්න හදපු කෙනකුටයි ඉඩ ඇත්තෙම නෑලු‍. සමහර අයට මැතිසබේ කතාවක් එන පාටක්වත් නෑලු‍.

අන්න ඒ නිසා මෙයාලා කලකිරිලලු‍ ඉන්නේ. තැන් තැන්වල ආණ්ඩුවේ සංවිධාන මහත්තයටයි, සභාවේ එක්කෙනාටයි අනං මනං කිය කියලු‍ යන්නේ.