2025 අගෝස්තු 16 වන සෙනසුරාදා

දේශපාලන කරණමක්

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00 4700

පහුගිය කාලේ නයාට අඳුකොළ වගේ හිටපු දේශපාලකයන් දෙන්නෙක් අලු‍ත් යාළුකමක් ගොඩනගා ගත්තයි කියලා ආරංචියි.

මෙයින් එක දේශපාලකයෙක් දැනට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන හිරු වගේ ඉන්න මන්ත්‍රී සයිස් මහත්තයෙක්ලු‍. උන්නැහේ දැන් ඉන්නෙ මොන පක්ෂයේද කියලා කියන්න කවුරුවත් දන්නෙත් නෑ. එයාගේ අලු‍ත්ම යාළුවා විපක්ෂයෙ ලොකුම පුටුවක් දරන කෙනෙක්ලු‍.

පහුගිය කාලෙ මූණවත් නොබලා හිටපු මේ දෙන්නා යාළු කළේ විපක්ෂ ලොක්කගේ දකුණු අත වගේ ඉන්න පොරක්ය කියලත් සමහරු කියනවා. කොළඹ හිරුගේ අලු‍ත් ප්‍රේමය නිසා දැන් උන්නැහේ විපක්ෂ ලොක්කා ඊළඟ පාර බලයට ගෙනල්ලා රටේ මහ පුටුවේ වාඩි කරවන්න ප්ලෑනක් ගහනවාය කියලත් ආරංචියි. මෙයා කලින් හිටපු අලි පාටියෙ භූතයො එළවන්න ගිහිල්ලා වැඩේ හරි නොගිය තැන උන්නැහේ මෙම තීරණය ගත්ත බවයි වැඩිදුරටත් කියවෙන්නේ.