ගිය ආණ්ඩුවක හිටිය නීතිය සාමය රැක්ක ලොක්කෙක්ව රහස් හොයන ආයතනයක පරීක්ෂණ කිහිපයකට කැඳවන්න තියෙනවලු ප්‍රකාශ එහෙම ගන්න.
ඒත් එයාට එන්න කියන වැඩේ හරියටම වෙන්නේ නෑලු. පොඩ්ඩෝ රිපෝට් හදලා යැව්වමත් වැඩේ ටිකක් ඇදෙනවලු. සමහර ලොක්කෝ උපදෙස් දෙනවලු “අනික් අයගෙන් දැනට ගන්නකෝ, පස්සේ අරයව ගෙන්නමු” කියලා.
ඔහොම කිය කියා මේ ලොක්කව මග අරින්නේ ඇයි කියලා හැමෝටම ප්‍රශ්නයක්ලු. කොහොම වුණත් ඒ ලොක්කව දැන් ගෙන්නගන්න තියෙන අවස්ථාව ළඟටම ඇවිල්ලලු තියෙන්නේ. ඉතින් එයා ගෙන්නයිද, එන්න කිව්වත් එයිද කියලා හැමෝම පුදුමයෙන් බලා ඉන්නවලු. හැබැයි රහස් ආයතනයේ ලොක්කා නම් එයාව ගෙන්නන්න ලොකූ ට්‍රයි එකක් දෙනවලු.