දුරකථන පාටියේ ලොකු තනතුරක් ඇති කරල ඒක අලුත් කෙනකුට දෙන්න යන කතාවක් ගියානේ. ඒක දෙන්න ලෑස්ති වුණේ අත පාටියේ හිටපු ලියන මහත්තයටලු. වැඩේ බකල් කරල දැම්මේ ඇතුළෙම සෙට් එකනේ. මේකට ලියන මහත්තයට යකා නැග්ගලු. හේතුව මෙයා ගැන සමහර අය කරලා තියෙන විවේචන. ඉතින් ඒ නිසා මෙයාට පුදුම කලකිරීමක්ලු ඇතිවෙලා තියෙන්නේ.
මාර වැඩේ කියන්නේ ලොක්කත් මෙයාට පණ දෙන්නම් වගේ ඉඳලා දැන් වෙනස් වෙලාලු. එයත් කට්ටිය එක්ක කිව්වලු ඔයාලගේ කැමැත්ත නැත්නම් මම කොහෙත්ම ඒක කරන්නේ නෑ කියලා. ඉතින් අරය තවත් කලකිරිලලු ඉන්නේ. කොහොම හරි ඒ කලකිරීමෙන් ඉන්න එයාට මේ මොහොතේ අලුත් තරුණ නායකයෙක් එක්ක වැඩ කරන්න, තනතුරක් දෙන්න ආරාධනා පිට ආරාධනා එනවලු. එයා තවම උත්තර දීලා නෑ. හැබැයි බැහැ කියලත් නෑ. එයා කිව්වලු හොඳම දේ හොඳම වෙලාවට වෙයි කියලා.