2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

උන්නැහේට ඇතිවෙලාලු‍

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 439

බුද්ධාගමට සේවය කරන එක්තරා ආණ්ඩුවේ කන්තෝරුවක ඉන්න කොමසාරිස් මට්ටමේ කෙනකුට ඒ අමාත්‍යාංශයේ ඉන්න දේශපාලන ලේකම් කෙනෙක් කටින් ලොකු සත්තමක් දාලලු‍. පරිපාලන සේවයේ ඉහළම නිලධාරියෙක් වන උන්නැහේ මේ ගැන ඉහළට කිව්වට කිසිම පියවරක් අරගත්තෙත් නැතිලු‍.

මේ ආයතනය භාර දේශපාලන ලොකු තැනත් පිළිගන්නේ එයාගේ ගෝලයා කියන එක විතරයිලු‍. ඒ නිසා එක එක්කෙනාගේ කට කැඩිච්ච කතා අහන්න බෑ කියලා කොමසාරිස් තැන මාරුවක් ඉල්ලු‍වලු‍. ඒකත් ලැබුණේ නැති නිසා මෙතැන සත්තු එක්ක ඉන්න බැහැ කියලා උන්නැහේ ළඟදිම දේශපාලන ‘පූල්’ එකට යන්නලු‍ හදන්නේ.
පහුගිය ආණ්ඩුවල මේ වගේ වැඩ සිද්ධ වුණා කියලා ඒවා නවත්තන්න ආපු උදවියගේ වැඩ මෙහෙම නම් මේවා කාට කියන නඩුද කියලයි රටේ පරිපාලන අංශයේ ලොක්කෝ අහන්නේ.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00