2025 අගෝස්තු 02 වන සෙනසුරාදා

ඒක රහසක්ලු‍

 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 521

මේ රටේ ඉහළම පෙළේ තනතුරු දරාපු දකුණට බර ලොකු මහත්තයෙක් පහුගිය දවසක බොහොම රහසිගතව රටේ ඉන්න රැඩිකල්ම නායක හිමිනමක් එක්ක ලොකු සාකච්ඡාවක් පැවැත්වුවා කියලා ආරංචි.

මේ ස්වාමින් වහන්සේ රට ජාතිය ආගම ගැන තදින්ම අදහස් දක්වන, ඒවා කියන්න ගිහිල්ලා හිරේ විලංගුවෙ පවා වැටුණු හිමිනමක්ලු‍. කිසිම දවසක හිටපු නායකයත් උන්වහන්සේත් අතර ඇයි හොඳයියක් තිබුණෙත් නෑ. එහෙව් එකේ උන්වහන්සේ සහ මේ නායකතුමා කතා කළේ මොනවද කියන එක දෙන්නගෙම හැටි දන්න අයට ලොකු ප්‍රශ්නයක්ලු‍. කොහොම නමුත් ළඟදිම ලොකු දේශපාලන අඩව්වකට සැරසෙනවායි කියන මේ නායකතුමා සහ ස්වාමින් වහන්සේ අතර සිද්ධ වෙච්ච කතාබහ ගැන බොහෝ දෙනෙක් තොරතුරු හෙව්වා. ඒත් ඒ හැමෝටම ලැබුණු උත්තරේ ඒක රහසක් කියන එක විතරලු‍.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00