2025 ජුලි 26 වන සෙනසුරාදා

එයා නෙවෙයි මමයි හොඳ

 2025 ජුලි 26 වන සෙනසුරාදා, ප.ව. 02:00 773

හිටපු ආණ්ඩුවට සෙට් වුණු පොහොට්ටුවේ ලොක්කෝ සෙට් එකක් මේ දවස්වල රෑට රෑට කොළඹ පැත්තේ මන්ත්‍රී කෙනෙක්ගේ ගෙදර සෙට් වෙනවලු‍. ආණ්ඩුවේ වැඩ ගැන කතා කර කර ඉස්සරහට කරන්නේ මොනවද කියලා කතා කරද්දි වැඩි කට්ටියක් කිව්වලු‍ අපි යමු මහ ගෙදරට ආයේ කියලා. ගොඩක් අය හා කිව්වලු‍.

එතැන හිටිය අයියා වගේ කෙනෙක් කිව්වලු‍ ඒක හරියන්නේ නෑ, පොහොට්ටුවේ අලු‍තෙන් පිපීගෙන එන මල ඉක්මනින් මහඋළු ගෙදර යන්න ඉන්නේ කියලා. ඒ නිසා ඒක තේරුමක් නෑ කිව්වලු‍. ඒකට හරියන්න අපි අලු‍ත් වැඩක් කරමු කිව්වලු‍.
කොහොම වුණත් ගම්පහ පැත්තේ මේ අයියා කියන්නේ එයාට රාජ යෝගයක් තියෙනවා කියල. ඉතින් අයියව උස්සලා ගන්න කියලා අයියා නොකියා කියනවලු‍.

 2025 අගෝස්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජුලි 19 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අගෝස්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00