දුරකථන පාටියයි, අලියයි එකතු කරන්න ගිය වැඩේ කුඩු පට්ටම් වුණානේ. ඒත් පාක්ෂිකයෝ තවමත් හීන දකිනවලු මේක හදාගන්න. ඔන්න ආයෙත් වැඩේ පටන් ගන්නලු යන්නේ.
මේ වැඩේ පටන් ගන්න හදනකොට අලි පාටියේ කිහිප දෙනෙක් ඉල්ලීමක් කරන්නලු යන්නේ දෙන්නෙක් මේ වැඩේට ගාවගන්න එපා කියලා. එහෙම කියන්න ප්‍රධාන හේතුව තමයිලු දුරකථන පාටියෙන් ආපු යෝජනාවක්.
මේ දෙන්නම දකුණෙ දෙන්නෙක්ලු. දෙන්නම ලොක්කා වටේ ඉන්න දෙන්නෙක්. මේ දෙන්නව ගෑවුණු නිසා තමයි වැඩේ විනාශ වුණේ කියලා දුරකථන පාටියෙන් කියලා. ඒකට හේතුව සාකච්ඡාවලින් පස්සේ මේ දෙන්නා හොරෙන් හොරෙන් දුරකථන පාටියේ සමහර අයට කතා කරලා කොටවන්න ගිහින්ලු. ඒවා වොයිස් කට් පිටින්ම තියෙනවලු.
ඒ නිසා ඒ දෙන්නව මේ පාර වැඩේට ගාවගන්න නම් එපා කියලා දුරකථන පාටිය වගේම අලියගේ සමහර අයත් කියනවලු. ඒත් ලොක්කා තවම හරි අදහසක් දීලා නෑලු.